වී වගාව සඳහා දේශීය කාබන් පොහොර මිලදී ගැනීමට නියමිතය

2022 යල කන්නය සඳහා ගොවීන්ට දේශීය කාබන්ඩයොක්‍ෂ පොහොර සැපයීම සඳහා පොහොර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දේශීය වගාව සඳහා සකස් කරන ලද පරිසර හිතකාමී පොහොර පිළිබඳ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුව එම ක්‍රියාවලිය ආරම්භ කරන බව රජය පවසයි.

2022 යල කන්නය සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් සපයනු ලබන පරිසර හිතකාමී දේශීය පොහොර නියමිත ප්‍රමිතියට අනුව මිලදී ගනු ලැබේ.

රජයේ පොහොර සමාගම් දෙක මඟින් 2022 සඳහා පොහොර සහනාධාර වැඩසටහන සඳහා වෙන් කර ඇති ප්‍රදාන උපයෝගී කර ගනිමින් එය මිලදී ගනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *