විශේෂ මෙහෙයුමෙන් 83ක් කොටුවෙයි

දිවයින පුරා සිදුකරන ලද පොලීසියේ විශේෂ මෙහෙයුම්වලදී පුද්ගලයින් 83ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීම වෙනුවෙන් අද සිට පොලීසිය විසින් සුවිශේෂී මෙහෙයුමක් ආරම්භ කළේය.

එම මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අතර සිටින පුද්ගලයින් 45ක් මත්ද්‍රව්‍ය වැරදි සඳහා පොලීසිය අවශ්‍යව සිටි සැකකරුවන් බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *