විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය රිමාන්ඩ්

අල්ලස් කොමිසමේ  නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන  ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වාට්ටුව භාරව සිටි විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේසී සූරසිංහ විජේරත්න සැකකාරියගේ දියණිය ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය නියෝග  නියෝග කළාය.

කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ කුරුඳු වත්තේ පදිංචි  හේමාලී විජේ රත්න සැකකාරිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

පසුගිය සිකුරාදා දින අධිකරණ භූමියේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් කෙසෙල් වත්ත පොලිසිය එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර අල්ලස් කොමිස මේ නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමද තවත් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අදාළ පැමිණිලි දෙකම සලකා බැලීමෙන් පසුව මෙසේ වෙන් වෙන් වශයෙන් ලබන නමවැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය  නියෝග කළාය.

සැකකාරිය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් සඳහන් කර සිටියේ විදේශයක ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබූ ඇ‘ය මැරෙනවා‘ යැයි කිවූ දේ මරණවා යැයි වෙනත් විදිහකට වටහාගෙන මෙම පැමිණිල්ල කර ඇති බවය.

ලබාල තැනැත්තියක් බැවින් ඇයට ඇප නියම කරන ලෙසද නීතිඥවරුන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *