වසර 10ක කාලයක් තුළ සිය නීත්‍යනුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පැවරූ නඩුව යළි කැඳවන මාර්තු මස 22 වැනිදා අනීවාර්යෙන්ම අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා සිතාසි නිකුත් කළේය.
විමල් වීරවංශ මහතා විටින් විට අසනීප වන හෙයින් ඔහුට එරෙහිව අල්ලස් නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි පෙන්වා දෙමින් පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කර ගැනීමට හැකි වන අයුරින් ඉදිරි නඩු දිනයේදී අනීවාර්්යයෙන්ම ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරන්නැයි අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස සිතාසි නිකුත් කෙරිණී.
2009 ජනවාරි මස පළමුවැනිදාත් 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ අමාත්‍ය වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායමට වඩා රුපියල් මිලියන 75 කට අධික මුදල් සහ වත්කම් උපයා ගත් බවට යහපාලන රජය සමයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශට මහතාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.
ආදායම අභිබවා රුපියල් මිලියන 75 කට අධික වත්කම් සහ මුදල් අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනතේ විග්රහ කෙරෙන ‘දුෂණය’ නමින් හඳුන්වන අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදු කොට ඇති බවද අල්ලස් කොමිසම දැනුම්දි තිබේ.