විමල්ගේ පුංචි මන්ත්‍රීවරු විමල් හමුවෙති

පළාත් පාලන මැතිවරණයේදී  ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් පාලන ආයතන වලට තේරී පත් වූ සභිකයෝ ඊයේ(27)බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ දී එහි නායක විමල් වීරවංශ මහතා හමුවූහ.

එහිදී පක්ෂ නායක විමල් වීරවංශ මහතා ඔවුන් අමතමින්  මහජන නියෝජිතයන් ලෙස පැවරෙන වගකීම් පිළිබඳව පැහැදිලි කළේය.

ජාතික නිදහස් පෙරමුණෙන් පළාත් පාලන ආයතන වලට තේරී පත්වූ සභිකයෝ 26 දෙනා මෙලෙස පක්ෂ කාර්යාලයට පැමිණි අතර  ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මහජන නියෝජිතයින්ගේ ප්‍රතිඥාව ද මෙහිදී ලබා දුන්හ.මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනයක්ද මෙහිදී පැවැත්විණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *