විමලවීර රනිල් දිනනවාට කැමතියි

මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා නම් තමන් පෞද්ගලිකව සතුටු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පවසයි.

මෙවර ජනාධිපතිවරණයේදි පොදුජන පෙරමුණට ජයග්‍රහණය කිරිමට නොහැකි බව ද මන්ත්‍රිවරයා සදහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ අභියෝගය භාර අරගෙන තමන්ගේම ආර්ථික දර්ශනයක් අනුව මේ රටට ඉදිරියට රැගෙන ගියා.

හරි හෝ වැරැදි හෝ දැනට රට ගෙනියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික සහ දේශපාලන මත මේ කෝච්චිය දුවන්නේ මේ පීල්ලේ මේ පීල්ල මාරු කළොත් කෝච්චිය පෙරලෙනවා.

සජිත් ඇවිල්ල මාරු කළත් එහෙමයි අනුර ඇවිත් මාරු කළත් එහෙමයි.

මේ රට බිහිසුණු තැනකට වැටෙනවාට මම පුද්ගලිකව කැමැති නැහැ. ඒක නිසා මම කැමැතියි රනිල් වික්‍රමසිංහ මහතා දිනනවාට.පොහොට්ටුවට දිනන්න බැරි නිසා .

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පොදුජන පෙරමුණෙ පළාත් පාලන නියෝජිතයන් සමග අම්පාරේ පැවැති රුස්වීමකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *