විපක්ෂය බොරු කියන හේතු දෙක වජිර කියයි

විපක්ෂයේ කණ්ඩායම් පුරුද්දට මෙන්ම තනතුරු වලට තිබෙන ආසාව නිසා ජනතාවට බොරු කියමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා  මහතා පැවසීය.

ඉදිරි ජනපතිවරණයේදී තීරණය වන්නේ රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජය හෝ පැරදුම නොව රටේ ජය හෝ පැරදුම බව අබේවර්ධන මහතා කීය.

දැන් යන පාර වෙනස් කළ යුතු යැයි කාට හෝ සිතෙන්නේ නම් ඔවුන්ට මීට අවුරුදු දෙකකට පෙර රට තිබූ තැනට යාමට සිදුවන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

කළුතර ,පානදුර සහ හොරණ මැතිවරණ කොට්ඨාස වල කලාප නියෝජිතයන්ගේ හමුවක් අමතමින් වජිර  අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

මෙරට ගුරුවරුන් රටේ තත්ත්වය දෙස නොබලා කල්පනාවෙන් වැඩ නොකර තවදුරටත් තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් ක්‍රියා කළහොත්  මුළු මහත් ජාතියම විනාශ මුඛයට යන බවද එජාප සභාපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *