විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදය අමතමින් දොඩාවත්ත මහතා මේ බව කීය.
“ජාතික ජන බලවේග රජයේ පත් වී ගත වූ කාලයේ මේ වන විටත් කර ඇති වරප්‍රසාද කප්පාදු කිරීම් විපක්ෂයට අමතක වෙලා.අධික වරප්‍රසාද ලබමින් ගෙවුණු දේශපාලන සංස්කෘතිය කප්පාදු කළ යුතු බවට මතය ගෙනාවේ අපි .අද විපක්ෂයටත් ඒ මතය කර තියාගෙන යන්න සිදුවෙලා.
පාර්ලිමේන්තුව විසින් සිදු කළ හැකි විශාල වරප්‍රසාද ප්‍රමාණයක් මේ වන විටත් කප්පාදු කළා. නීති මගින් කප්පාදු කළ යුතු වරප්‍රසාදත් අප කප්පාදු කරමින් ඉන්නවා. කලබල වෙන්න එපා.ඉදිරි කප්පාදු කිරීම් ද අප කරනවා යැයි මන්ත්‍රීවරයා කීය.