විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා සිට යළි ඇරඹේ.

එක්දින සේවාව හැර විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා සඳුදා (9) සිට යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඔවුන්ගේ පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා පසුගිය සිකුරාදා (5) සිට අත්හිටුවා ඇති බවයි.

ඒ අනුව සාමාන්‍ය සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව අඟහරුවාදා සිට යළි ආරම්භ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *