විදෙස් ශ්‍රමිකයින් සඳහා ව්ද්‍යුත් වාහන ආනයනයේදී වංචා

විදෙස් ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී දූෂිත ක්‍රියා බොහොමයක් සිදුව ඇති බව මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

සභාපතිවරයා ඒ බව පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාවක් ඉදිරිපත් කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා…

“උදාහණයක් හැටියට වාහන 154කින් රේගු විමර්ශයකින් අනතුරුව 09ක් පමණක් නිෂ්කාශනය කර ඇති අතර වාහන ආනයන ක්‍රමවේද උල්ලංඝනය කිරීම් කර ඇති බව කාරක සභාවේ පැහැදිලි විය. එතකොට මෙතන ලොකු ගැටලුවක් ඇති වුණා. ඒ කියන්නේ මේ ඒජන්ට් හරහා ගෙන්නේ නැතුව ෆැසිලිටේටර් කෙනෙක් හරහා ගේනවා කියලා. එතකොට මේ වාහන ෆැසිලිටේටර්, අපි හිතමු BMW එකක් නම් ඒක ජර්මනියෙන් අරගෙන එංගලන්තයට ගෙනිහිල්ලා. ඩීරෙජිස්ටර් කරලා. එංගලන්තේ නැවතත් රෙජිස්ටර් කරලා මෙහෙට ගේනවා. එතකොට මේකේ වැලිව් එක අඩු වෙනවා. මේ කරන්නේ ෆැසිලිටේටර් කියලා එතනදී කරුණු ඔප්පු වුණා.  රේගුවෙන් කිව්වා මෙතනදි ලොකු පාඩුවක් තියෙනවා.  නමුත් ලබා ගන්න ක්‍රමවේදයක් නෑ. නීතිය වෙනස් කරන්න ඕනේ කියලා. අපි රේගුවෙන් ඇහුවා ඔයගොල්ලේ මේක දැනගෙන හිටියේ නැද්ද කියලා. එතකොට ඒ අය කිව්වා දැනගෙන හිටියා මොකුත් කළේ නෑ කියලා. අපි ඒ අයට මාස දෙකක් දුන්නා මේ නීතිය වෙනස් කරන්න.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *