විදේශ විනිමය සීමා කිරීම් අදියර වශයෙන් ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා දැනට ක්‍රියාත්මක විදේශ විනිමය නියෝග සඳහා යෝජිත සංශෝධන වලට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව අනුව මෙරට ගෙවුම් ශේෂය ස්ථාවර තත්ත්වයකට ළඟා වීමේදී අදියර වශයෙන් පරිපාලන පියවර ඉවත් කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බව රජය පවසයි.
ඊට අනුගතව ඇතැම් ජංගම විදේශීය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් විදේශ විනිමය බවට පරිවර්තනය කිරීම තහනම් කිරීමට අදාල විදේශ විනිමය සීමා ලිහිල් කිරීමේ අදියරගත සැලසුම යටතේ වන පියවර ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ නිර්දේශ ලැබී ඇතැයි රජය කියයි.
ඒ අනුව 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ 7(1) වගන්තියෙහි විධිවිධාන අනුව සාදනු ලැබ ඇති නියෝග ප්‍රකාශයට පත් කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.