විදෙස් නඩු තීන්දු පිළිගන්න පනත පාර්ලිමේන්තුවට

විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත යටතේ සාදන ලද නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වෙනත් රටවල නඩු තීන්දු ශ්‍රී ලංකාවේ  පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සඳහා 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පනත මඟින් විධිවිධාන සලසා ඇත.

ඒ අනුව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය විසින් අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව සාදන ලදුව, අංක 2429/51 දරන 2025-03-28 දිනැති අති විශේෂ ගැසට්‌ නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති නියමයක් මඟින් එබඳු නඩු තීන්දු පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම අදාළ කරගත යුතු විදේශ රටවල් නිශ්චිත ව දක්වා ඇත. එකී නියමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *