විදෙස්ගතව සිට පැමිණෙන පිරිසට කඩිනමින් නිවෙස් කරා යෑමට අවස්ථාව

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරීක්ෂණයට යොමුකර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයක් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමුකිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇත.

ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම PCR පරීක්ෂණ කඩිනමින් සිදුකර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *