Kanchana

විදුලි සංශෝධන පනත් කෙටුම්පත ලබන වසරේ ජනවාරි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා: ඇමති

විදුලි සංශෝධන පනත් කෙටුම්පත ක්‍රියාත්මක කිරීමේ කුහක ක්‍රියාදාමයක් පවතින බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත කරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් යෝජිත නීති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට පැවසීය.

පනත් කෙටුම්පත දෙසැම්බර් 12 වනදා ඉදිරිපත් කර මහජනතාවට පෙත්සම් ගොනු කිරීමට කාලයක් නොමැති බැවින් එය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන බවට දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය.

“අපි ජනවාරි මාසයේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට පෙත්සම් ගොනු කරන්න කල් තියෙනවා. පනත් කෙටුම්පත සකස් කිරීමට පත් කළ කමිටුව මන්ත්‍රීවරුන්ගේ මතය ගන්න රැස්වීමක් පැවැත්වුවා. රැස්වීමට ආවේ මන්ත්‍රීවරු 12යි. ඊට අමතරව සාකච්ඡා කරලා තියෙනවා. වෘත්තීය සමිති සමඟත් පැවැත්වුවා.” විජේසේකර ඇමැතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *