විදුලි සංදේශ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැන් බැවින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (18) පැවසීය.
එම වගන්ති සංශෝධනය කිරීමෙන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සුළු බහුතරයකින් සම්මත කර ගත හැකි බවද ඔහු සඳහන් කළේය.
විදුලි සංදේශ පනත් ගැටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා පාර්ලිමේන්තුවට ඊයේ පෙරවරුවේ දැනුම් දෙමින් මෙසේ ප්‍රකාශ කළේය.
ඩිජිටල් මූල්‍ය සේවා සයිබර් ආරක්ෂණය සහ ඩිජිටල් උපායමාර්ග සැලැස්මක් සකස් කිරීම යනාදී කටයුතු වෙනුවෙන් මෙම පනත් කෙටුම් පතෙන් ප්‍රතිපාදන සැලසේ.