විදුලි බිල සියයට 20 කින් අඩු කළ හැකියි

විදුලි බිල සියයට 10 ත් 20 ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව ඇති බවත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කළ හොත් ඉන් පසුව විදුලි බිල ඉහළ යෑමේ වැඩි හැකියාවක් ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසීය.

ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද එසේ පැවසීය.

මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය ලබන ජූලි මස 1 වැනිදා ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව මෙම සතියේ විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් එහිදී ජනතාවට සැළකිය යුතු විදුලි ගාස්තු අඩු වීමට ලැබිය යුතු බවත් ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට නියමිත විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ පනතින් විදුලි බිල ඉහළ දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව කී පරාක්‍රමසිංහ මහතා විදුලිබල මණ්ඩලයේ වර්තමාන පරිපාලනය විදේශ සමාගම්වලට අවශ්‍ය ආකාරයට දැන්ම සිටම කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *