විපක්ෂය විදුලි බිල සියයට තිස්පහකින් වැඩි වන බව කිව්වත් වැඩි වන්නේ සියයට දහ අටකින් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කෙසේ වෙතත් පානීය ජල ගාස්තු වැඩි කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජල බිල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට පිළිතුරැ දෙමිනි
අනුර කරුණාතිලක මහතා මෙසේද පැවසීය.
පානීය ජල ගාස්තුව වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නෑ. ජල ගාස්තු වැඩි කරන්න යනවා කියලා විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළා. මොන ආරංචි මාර්ගයක් පදනම් කරගෙනද ඒ ප්‍රකාශය කළේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:
විදුලි බිල වැඩි කරන බව ඔබ කියන්න කලින් රටට කිව්වේ අපි. විදුලි බිල එක්කම ජල බිලත් වැඩි වැඩිවෙනවා කියලා අපි අනුමාන කරනවා. ඔබතුමාලා විදුලි බිල සියයට තිස්තුනකින් අඩු කරනවා කියලා සියයට දහඅටකින් වැඩි කරනවා. විදුලි බිල වැඩි වන නිසා ජල බිල වැඩිවේවි කියන සැකය මත තමයි ප්‍රශ්නය අහන්නේ.