විමල්

විදුලි බිල වැඩිවන ප්‍රමාණය විමල් කියයි

වත්මන් ආණ්ඩුව නුදුරු දිනකදීම  25% ත් 30%ත් අතර ප්‍රමාණයකින් විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බවත් එවැනි තත්ත්වයක් යටතේ ජන ජීවිතය පමණක් නොව මුළු මහත් කර්මාන්ත පද්ධතියම ඉතා විශාල ගුණයකින් අර්බුදයක් කරා තල්ලු වන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවැසීය.

කොළඹදී  පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එමෙන්ම 2024 වසර අවසානයේදීත් ලාභ ලැබූ විදුලි බල මණ්ඩලය මාස 7කදී  පාඩු ලැබුවේ කෙසේදැයි ප්‍රශ්න කළ විමල් වීරවංශ මහතා, ලබන මාසය වන විට විදුලි බල මණ්ඩලය කැබැලි කර විකුණා දැමීම ආරම්භ වීමට නියමිත බවද පැවැසීය. එවැනි තත්වයකදී විදුලි බිල මීටත් වඩා වැඩි ප්‍රමාණයකින් වැඩි වන බවත් ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *