2024 ජනවාරි මාසයේදී විදුලි බිල අඩුකිරීම සඳහාවූ යෝජනා සම්බන්ධයෙන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අදාළ වාර්තාව සකස් කර තිබෙන අතර එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේ, “ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙන්න කියලා විශේෂයෙන් යෝජනා කරලා තිබෙනවා.” යනුවෙනි.
ඊට අමතරව සූර්ය පැනල සඳහා ඇති වැට් බද්ද ඉවත් කිරීම, නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහන ලබාදීම, විදුලි ගාස්තු ගෙවීම සඳහා පැකේජ ක්‍රමයක් හඳුන්වාදීම ආදී යෝජනා ද ඊට ඇතුළත් ය.