ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක තුළ මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ හොත් ජූලි මස මැද වන විට ගාස්තු අඩු කිරීම ක්‍රියාත්මක කළ හැකි බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
මැයි මස 1 වැනිදා වන විට විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද පසුගිය 27 වැනිදා සිට තවත් සති දෙකක කාලයක් විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටි බවත් යෝජනාව ලැබුණු පසුව මහජන අදහස් ගැනීමෙන් පසුව ඉදිරි කටයුතු කළ හැකි බවත් ඒ මහතා කීය.
ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසුවේ විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සතියේ මහජන උපයෝගිතා කොමිසමට භාරදීමට නියමිත බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ නිල වාර්ෂික විදුලි ගාස්තු සංශෝධනයට අනුව ජූලි මස 1 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කළ යුතුය.