විදුලි බිලේ සංශෝධන‍ය ගැන PUCSL වෙතින් නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් යෝජනාවක්  තම කොමිසම වෙත අනුමැතිය සදහා බාර දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව සඳහන් කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් මාධ්‍ය විසින් එවැනි යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාරදී ඇති බවට වාර්තා කර තිබුණද ඊයේ (08) දක්වා එවැනි යෝජනාවක් තම කොමිසම වෙත ලැබී නොමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *