විදුලි පනතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැනියි

විදුලි පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව  ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ එක් වගන්තියක් ජන මත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි ඔහු කීවේය.

එම වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද   දැනුම්දී ඇතැයිද කතානායකවරයා කීවේය.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති විදුලි පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ  ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයා පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරමින් එසේ පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *