ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නීතිරීතිවලට පටහැනිව විදුලිය ගාස්තු සංශෝධනය කිරීම සහ ඊට අනුමැතිය ලබා ගෙන ඇතැයි කියන කරුණු පිළිබඳ සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙසටවූ යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට බාරදී ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනකුගේ අත්සනින් යුතුව බාරදී ඇති මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය අය කරන ගාස්තුවල නිත්‍යානුකූල භාවය හා උචිත බව විමසා බලා යම්කිසි ආකාරයකට නිත්‍යානුකූල නොවන බවක් හඳුනාගතහොත් ඊට වගකිවයුත්තන්ට එරෙහිව ගත යුතු වන ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහාත් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සැලකිල්ලට ගෙන පහළ අන්තයේ පාරිභෝගිකයන් ගෘහස්ථ ආගමික හා පුණ්‍යායතන පාරිභෝගිකයන්ට සහන සලසමින් ගාස්තු ව්‍යුහයක් ඇතුළත්ව හදිසි ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමටත් මෙම විශේෂ කාරක සභාව පත් කෙරෙන බව එහි සඳහන් වේ.