විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ලබන 6 වැනිදා බාරදෙනු ලැබීමට නියමිතය.
එම යෝජනාවලිය සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බව මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
පැරණි ක්‍රමවේදයට අනුකූලව සියයට හයේ සිට සියයට 11 දක්වා පරාසයකට විදුලි ගාස්තු අඩු කිරීමට මීට පෙර ලංකා විදුලි වල මණ්ඩලය යෝජනා ඉදිරිපත් කර තිබිණ.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ලබන වසරේ මුල් මාස හය පිළිබඳ සලකා ගාස්තු සංශෝධන යෝජනාව යළි සකස් කර එවන ලෙස කොමිසම විදුලිබල මණ්ඩලයට පසුව දැනුම් දුන්නේය.
විදුලිය ගාස්තු සංශෝධනයක් බොහෝ දුරට ලබන වසරේදී සිදුවනු ඇතැයි දැනගන්නට ඇත.