විදුලි ගාස්තු සංශෝධනය වෙයි

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගෘහස්ථ විදුලි ගාස්තු 27% කින් පහල දැමෙන අතර අනෙකුත්  කර්මාන්ත රාජ්‍ය හා පුන්‍ය ආයතන ඒක්ව ගත්විට සමස්ථ විදුලි බිල 22.5% කින් පහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය පහතපරිදි වෙයි.

ඒකක 30ට අඩු – ( රු. 8 සිට රු.6 දක්වා අඩු කෙරේ)

ඒකක 30-60 අතර – ( රු. 20 සිට රු.9 දක්වා අඩු කෙරේ)

ඒකක 60 ට වැඩි කාණ්ඩ

පළමු ඒකක 60 දක්වා – ( රු. 25 සිට රු.15 දක්වා අඩු කෙරේ)

ඒකක 61-90 අතර – ( රු. 30 සිට රු.18 දක්වා අඩු කෙරේ)

ඒකක 91-120 අතර – ( රු. 50 සිට රු.30 දක්වා අඩු කෙරේ)

ඒකක 121-180 අතර – ( රු. 50 සිට රු.42 දක්වා අඩු කෙරේ)

ඒකක 180 ට වැඩි – ( රු. 75 සිට රු.65 දක්වා අඩු කෙරේ)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *