ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු පිළිබඳව මහජන අදහස් විමසීම හෙට(23) සිට ජුනි මස 3 වැනිදා දක්වා පළාත් ආවරණය වන පරිදි පවත්වන බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසීය.
ඒ අනුව පළාත් නවය ආවරණය වන පරිදි වාචික අදහස් විමසීමේ රැස්වීම් 9 ක් සංවිධානය කරන බවත් රත්නපුර, බදුල්ල, යාපනය, මාතර, අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර සහ කොළඹ යන නගරවල මෙම වාචික අදහස් විමසීමේ රැස්වීම් පැවැත්වෙන බවත් ඒ මහතා කීය.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ලිඛිත අදහස් ලබන ජූනි මස 5 වැනිදා දක්වා භාරගන්නා බවත් ‘2025 දෙවන වර්ෂයේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම’ සභාපති, ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වැනි මහල, ලංකාව බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට එම අදහස් යොමුකළ හැකිය.
ඊට අමතරව 0112392641 ෆැක්ස් අංකයට හෝ 0764271030 යන වට්ස්ඇප් අංකයට හෝ [email protected] යන ඊමේල් ලිපිනයට හෝ තොරතුරු යොමු කළ හැකි බව ද මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කළේය.