විදුලි කප්පාදුව ගැන කණගාටුව පළකරයි

නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර අක්‍රීය වීමෙන් විදුලි සැපයුම කප්පාදු කිරීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවූ අපහසුතාව පිළිබඳව කණගාටුව පළකරන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම කාලය තුළ තත්වය තේරුම් ගෙන ඉවසීමෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් විදුලි පාරිභෝගික ජනතාවට කෘතඥතාව පළකරන බවත් එම හදිසි අවස්ථාවේදී වෙහෙස නොබලා කටයුතු කළ සහ සහයෝග දුන් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යමණ්ඩලයට සහ වෘත්තිකයන්ට ද කෘතඥතාව පළකරන බවත් එම අමාත්‍යංශය කියයි.

මෙවැනි තත්වයක් නැවත රට තුළ ඇති නොවීමට අවශ්‍ය කෙටි කාලීන සහ දීර්ඝ කාලීන පියවර ගෙන ඇති බවත් ඒවා කඩිනමින් කිරීමට කටයුතු කරන බවත් බලශක්ති අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *