විදුලිබිල සංශෝධන පනත් කෙටුම්පතේ ගැසට්ටුව ගැන අනාවරණයක්

විදුලිබිල පනත සංශෝධනය කිරීම පිළිබඳ පනත් කෙටුම්පතේ දින වකවානු පිළිබඳ යම් ගැටලුකාරී තත්ත්වයක් පෙනෙන්නට තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරණය කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළේය.

05 වැනිදා ගැසට් කළ බව සඳහන් වුව ද සත්‍ය වශයෙන්ම කෙටුම්පත ගැසට් කර ඇත්තේ 08 වැනිදා බව ඔහු පවසයි.

ගැසට් කිරීම 05 වැනිදා සිදු කළා නම් දින 07ක් ඇතුළත කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු බවත් 15 වැනිදා අධිකරණය නිවාඩු දීමෙන් පසු කෙටුම්පතට විරුද්ධව විවිධ පාර්ශ්වයන්ට සහ පුරවැසියන්ට අධිකරණයට යාමට ඇති කාලය ඇහිරී ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

එබැවින් මෙම කෙටුම්පත ගැසට් කර ඇති ආකාරය වංචනික එකක් බව පුබුදු ජයගොඩ මහතා පවසයි.

ලංකාවේ පනතක් ගැසට් කිරීමේ දී සියලු භාෂාවලින් එය ඉදිරිපත් කළ යුතු නමුත් කෙටුම්පත දෙමළ බසින් ගැසට් කර නොමැති බව ද ඔහු අනාවරණය කර තිබේ.

එසේම කෙටුම්පතේ සෝදුපත් බැලීම ද සිදු කර නොමැති බව ඔහු අවධාරණය කර ඇත.

”පුk3/4ජනනීය” හා “පහත දැක්වෙk ish fyda hi idrkd linkaofhka” ආදී වැරැදි යෙදුම් කෙටුම්පතේ ඇතුළත් වන බව ද ඔහු මාධ්‍ය හමුවේ දී අනාවරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *