විදුලිබල ප්‍රතිසංස්කරණ පනතේ සංශෝධන පිළිගන්නවා

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර ඇති සියලු සංශෝධන පිළිගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

එම පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැති විභාගයේදී සංශෝධන රැසකට එකඟතාව පළකළ බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ සංශෝධන කාරක සභා අවස්ථාවේ අනුමැතියට ඉදිරිපත් කරන බවත් අමාත්‍ය කාංචචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *