විද්‍යුත් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදූ කාන්තාවක්

ඩුබාහි හි සැඟවඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන “පොඩි තිළිණ” නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ඊසි කෑෂ් ක්‍රමයට බෙදා හැරීමේ ජාලය මෙහෙයවූ බව කියන 33 හැවිරිදි කාන්තාවක් හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය පවසයි.

බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකාය සමග එක්ව සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී සැකකාර කාන්තාවගේ නිවසේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය විවිධ පුද්ගලයන්ගේ නම් වලට ලබාගත් බැංකු කාඩ්පත් පහළොවක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අසමත් වූ රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදලක් සහ ජංගම දුරකථන තුනක් අත් අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

ලද තොරතුරු අනුව ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ නිල සුනඛ අසීස් යොදවා නිවස තුළ සිදුකළ සෝදිසියේ දී මෙම මත්ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *