විගණකාධිපති තනතුරට ජනාධිපති දුන් නම විසිවේ

විගණකාධිපති තනතුරට ජනාධිපති අනුර කුමාර දීසානායක මහතා විසින් යෝජනා කෙරුණු නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව  ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂකවරයකු වන  එච්.ටී.පී චන්දන මහතාගේ නම මෙසේ යෝජනා කර තිබිණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 21 වැනිදා රැස්වූ අවස්ථාවේදී ඡන්ද විමසීමක් පවත්වා ඇත. ඒ අනුව අගමැතිනී   ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, සභානායක බිමල් රත්නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අබුබකර්  ආතම්බාවා එම නාම යෝජනාවට පක්ෂව  ඡන්දය ලබාදී ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී  පෙරේරා  සහ  සිවිල් සමාජය  නියෝජනය කරන නියෝජිතයන් තිදෙනා යෝජනාවට විරුද්ධව ඡන්දය ලබාදී ඇත.

එස් සිරිතරන්  මහතා   පමණක් එ් අවස්ථාවට සහභාගිවී නොසිටි  බව වාර්තා වේ.

මේ අනුව විගණකාධිපති තනතුර වෙනුවෙන් තවත් නමක් යෝජනා කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

එම නාම යෝජනාව ලැබුණු පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉදිරි දිනවල නැවත රැස්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *