වැස්ස ක්‍රමයෙන් අඩුවන ලකුණු

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි  බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *