වැවිලි සමාගම් වලට බදු දී තිබෙන ලැයින් කාමර පිහිටි ඉඩම් වල බදු ගිවිසුම් අහෝසි කර එම ඉඩම් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙරට ඉතිහාසයේ පළමු වතාවට වතු ලැයින් කාමර වල ජීවත්වන ජනතාවට ගම්මානයක ජීවත්වීමේ අයිතිය ලබා දීම වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ජනාධිපතිවරයා කීය.
වතු ජනතාවට ඉඩම් අයිතිය ලබාදී නිවාස ඉදිකර ගැනීමට ද රජයේ සහාය ලබා දෙන බව පැවසු ජනාධිපතිවරයා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල ක්‍රීඩා පිටි වැනි පොදු ස්ථාන ඇති කළ හැකි ඉඩම් ද රජයට පවරා ගැනීමට කටයුතු කරන බව සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් සමඟ පැවති හමුවකට නුවරඑළියේ දී සහභාගී වෙමිනි.
නුවරඑළිය ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දී සිටින ගැටළු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර ප්‍රදේශයේ සංවර්ධනයට අදාළ යෝජනා රැසක් ද ඔවුහු ඉදිරිපත් කළහ.