වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන 16ක් සහ සෙසු වාහන 3 ක් විකිණීම සඳහා ටෙන්ඩර් කඳවා ඇතැයි අමාත්‍යාංශය කියයි.
මෙම වාහන වලට අමතරව අබලි වාහන තුනක්ද විකිණීමට ඉදිරිපත් කර තිබේ.
අදාළ වාහන විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවනු ලැබ ඇතැයි අමාත්‍යාංශය පවසයි.
මෙම ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් හෝ සංවිධාන සඳහා පමණක් බව අමාත්‍යංශය පවසයි.