වැලිකඩ පොලිසියේදී මියගිය නිමේෂ්ගේ සිරුර ගොඩ ගන්නැයි නියෝගයක්

වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් ගේ දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත් මරණ පරික්ෂණයක් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට   නියෝග කළේය.

බදුල්ල මීගහකිවුල පදිංචි නිමේෂ්  පසුගිය අප්‍රේල් 01 දින වැලිකඩ පොලිස් භාරයේ සිටියදී වධ හිංසාවට ලක්ව මියගොස් ඇති බවට ඔහුගේ මව  සමන්ති මහත්මිය කරන ලද පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය කරන විමර්ශනය කැඳවූ අවස්ථාවේදී එසේ නියෝග නිකුත් කළේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටී නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ඨ කිරීමට නම් මරණ පරීක්ෂණ වාර්තාව ඉතාමත් වැදගත් වන බවය.

ඒ අනුව විශේෂඥ මණ්ඩලයකින් සමන්විත කමිටුවකින් පශ්චාත් මරණ පරීක්ෂණයක් නැවත සිදු කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥවරුන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *