වැල්ලවත්ත මහල් නිවාසයක විදේශික කාන්තාවකගේ මළ සිරුරක්

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක තිබී නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (24) සවස සොයාගෙන තිබේ.

66 හැවිරිදි මෙම කාන්තාව මහල් නිවාසයක වැසිකිළියක් තුළ මියගොස් සිටි බව පොලිසිය සඳහන් කළේය.

නෙදර්ලන්ත ජාතික කාන්තාව තරුණයෙකු සමඟ මෙම මහල් නිවාසයේ කුලී පදනම මත පදිංචිව සිට ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඇය සමාජ මාධ්‍ය වේදිකාවක් වන TikTok හරහා තරුණයින්ට හඳුන්වා දී ඇති බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

නෙදර්ලන්ත ජාතික කාන්තාව එම තරුණයන් හමුවීමට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉන් අනතුරුව ඔවුන් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බව පැවසේ.

ඊයේ සවස පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසු කාන්තාවගේ මළ සිරුර ගොඩ ගත් බව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇත.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *