වැඩතහනම්ව සිට හෝ සේවය අතහැර ගොස් නැවත සක්‍රීය සේවයට එක්වීමට නියමිත පොලිස් නිලධාරීන් පොලිස් රෝහලේ මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ පරීක්ෂණයකට පෙනී සිටිය යුතු බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුවත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
කිසියම් නිලධාරියෙක් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට වෛද්‍ය වාර්තවෙන් අනාවරණය වුව හොත් එම නිලධාරියා නැවත සේවයේ පිහිටුවීමට කටයුතු නොකරන බව ද වැඩබලන පොලිස්පතිවරයා දැනුම්දී ඇත.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ පොලිස් සේවයේ සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ නිලධාරීන් පිළිබද සිදුකරනු ලබන විමර්ශනවලට අනුව වැඩතහනම්ව හෝ වෙනත් හේතු නිසා සේවයේ නොසිට නැවත සක්‍රීය සේවයට එක් කිරීමට පෙර එම නිලධාරීන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී ඇද්දැයි යන්න සොයාබැලීම සදහා මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත.
එවැනි ආකාරයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු පොලිස් සේවයෙන් පහ කර තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ඉකුත් දා මාධ්‍ය හමුවකදී පැවැසීය.