රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයීම, ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රැකීම, විවිධ නියාමන කටයුතු, භාණ්ඩ හා සේවා සැපයීමට අදාළව වෙළෙඳ පොළ කටයුතුවලට මැදිහත්වීම, සම්පත් සාධාරණව බෙදා හැරීම, ආපදා කළමනා කරණය සහ සමාජ සුබ සාධනය වැනි ප්‍රධාන කාර්යයන් රජය වෙත පැවරී ඇත.
එම කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා ආරක්ෂක අංශ සහ පොලිසිය හැරුණු විට දෙපාර්තමේන්තු 86 ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක් හා ප්‍රාදේශීය ලේකම කාර්යාල 339ක්, රජයට අයත් ව්‍යාපාර 340 ක් සහ වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115 ක් සඳහා සහ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතට ගැනෙන ආයතන 51ක් සඳහා 2024 වර්ෂය වෙනුවෙන් ජාතික අයවැය මඟින් රුපියල් බිලියන 140ක් පමණ වෙන් කර ඇත.
වත්මන් අවශ්‍යතා වලට ගැලපෙන අයුරින් එම ආයතන යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැලපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යයන් පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටු කිරීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටු කරනු ලබන ආයතන කිහිපයක් පැවතීම වැනි කරුණු හේතුවෙන් රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදු කිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ.
ඒ අනුව, එවැනි සමාලෝචනයක් සිදු කර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.