වාහන ආනයන තහනම් කළ දිනයෙන් පසු ගෙන්වූ වාහන රාජසන්තක කිරීමට පියවර

පසුගිය ජුනි 26 වැනිදා මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ව්‍යාජ දින ඇතුළත් කරමින් වාහන තුන්සීයක් පමණ කොළඹ වරායට පැමිණ ඇති බවට වාර්තා වේ. එම වාහන යුරෝපය හා ජපානයෙන් ආනයනය කර ඇති අතර, ඒ අතර බෙන්ස්, ප්‍රාඩෝ, ජීප් ආදී වර්ගයේ සුඛෝපභෝගී වාහනද ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.

මෙම වාහන වැඩි ප්‍රමාණයක් රජයේ මාණ්ඩලික නිලධාරීන්ට ලබාදී තිබූ වාහන බලපත්‍රවලට ආනයනය කළ ඒවා වන අතර ඇතැම් වාහන කෝටි පහ දක්වා වටිනාකමකින් යුත් බවට වාර්තා වේ. මෙම වාහන, වාහන ආනයනය තහනම් කළ දිනය නැව්ගත කළ දිනය ලෙස සඳහන් කර ගෙන්වා ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

මේ අතර අතිරේක අධ්‍යක්ෂ හා රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කරන්නේ ආනයනය තහනම් කළ ජුනි 26 වැනි දිනෙන් පසුව නැව්ගත කර ගෙන්වා ඇති වාහන තුන්සීයකට වැඩි ප්‍රමාණයක් ඇති අතර ඒවා රාජසන්තක කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *