වාමාංශික බලකොටුත් රනිල්ට

වාමාංශික බල කොටු පවා අද රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  අද හුස්ම ගැනීමට හැකි රටක් නිර්මාණය කරදී තිබෙන බව කී ජනාධිපතිවරයා  එදා රනිල් නොසිටියා නම්  රටට කුමක්ද සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කළේය.

රනිල්ට  රට හදන්න  නිසි සැලැස්මක් තිබෙන බව කී විජයවර්ධන මහතා  ඒ නිසා පක්ෂ පාට භේද නොමැතිව රනිල්ගේ ජයග්‍රහණය වෙනුවෙන්  සියලු දෙනා එකතුව සිටින්නේ යැයිද පැවසීය.

දොම්පේ ජනපතිවරණ ජනරැළිය අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *