ව්‍යාජ වීසා බලපත්‍ර භාවිත කරමින් ඉතාලිය බලා යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ විවේකාගාරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් විසින් අද ගුවන් තොටුපළේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මුලදී, මාරවිල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් සිය 14 සහ 18 හැවිරිදි දියණියන් සමඟ ඊයේ රාත්‍රියේ ගුවන් තොටුපළට පැමිණ තිබුණේ කටාර් රාජ්‍යයේ දෝහා හරහා ඉතාලිය බලා පිටත්ව යාමටයි.
කෙසේ වෙතත්, ඔවුන්ගේ වීසා ලේඛන සම්බන්ධයෙන් ඇති වූ සැකය හේතුවෙන් ඇය සිය දියණිය සමඟ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රඳවා ගනු ලැබුවා.
මාරවිල ප්‍රදේශයේ පදිංචි හතර දෙනෙකුගෙන් යුත් පවුලක් ඉන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හරහා ඉතාලිය බලා යාමට ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.
35 හැවිරිදි මවගේ වීසා ලේඛන සම්බන්ධයෙන් ඇති වූ සැකයක් හේතුවෙන් මෙම කාන්තාව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රඳවා ගනු ලැබුවා.
එමෙන්ම ඩුබායි හරහා ඉතාලිය බලා යාමට නියමිතව සිටි පුත්තලම ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක් ද වීසා ලේඛනය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන් ඉතාලියට පලා යාමට උත්සාහ කළ බව ප්‍රශ්න කළ සැකකරුවන්ගෙන් අනාවරණය වී තිබේ.
මෙම පිරිස මීට පෙරද ඉතාලියට ගොස් ඇති අතර මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ සහය ලබාගෙන මෙම ව්‍යාජ වීසා ලේඛන ලබාගෙන මෙවරද සංචාරය කර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබේ.