ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට හොඳ අයෙකු සොයයි

පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු  පත්කර ගැනීම සඳහා පුවත්පත්හි  දැන්වීම් පළ කිරීමට තීරණය කර ඇත.

මෙම පුවත්පත් දැන්වීම් ඉදිරියේදී පළ කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරය දැරූ පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වීමට නියමිතය.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සභාවට ඉදිරිපත්  කිරීමෙන් පසු  එය  පිළිගෙන ඇත.ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තු මහලේකම් ධූරයෙන් පසුගිය 2023 වසරේ මැයි මස 25 වැනිදා විශ්‍රාම ලැබීය. ඔහු  විශ්‍රාම ලැබීමෙන් පසු එවකට ආණ්ඩුවේ ආශිර්වාදයෙන්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  ලේකම් ධූරයට එම වර්ෂයේදීම  පත් කෙරිණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රටේ යහපාලනය වෙනුවෙන් පිහිටවනු ලැබූ ආයතනයකි. නීතිපති පොලිස්පති විනිශ්චකාරවරු ඇතුළු ඉහළම  නිලධාරීන් පත් කිරීම අනුමත කෙරෙන්නේද  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *