වහපු තානාපති කාර්යාල කිහිපයක් නැවත විවෘත කෙරේ

ශ්‍රී ලංකාව මුහුණදුන් අර්බුද හේතුවෙන් 2021/2022 කාල පරිච්ඡේදය තුළදී තාවකාලිකව වසාදමන ලද ශ්‍රී ලංකා දූත මණ්ඩල කිහිපයක් නැවත විවෘත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇති බව රජය පවසයි.

ඒ අනුව, සයිප්‍රසයේ නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය සහ ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මෙන්ම ඉරාකයේ බැග්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා එම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *