වසර පහක් තුළ කෘත්‍රිම බුද්ධිය හැම තැනම පතුරනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

ඉදිරි සමාජ හා ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට නම් කෘත්‍රීම බුද්ධිය වැනි නවීන තාක්ෂණය ප්‍රවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම වැඩපිළිවෙළ ඉදිරි වසරේදී ආරම්භ කරන බවත් වසර 5ක් තුළ කෘත්‍රීම බුද්ධිය මෙරට සෑම ක්ෂේත්‍රයකටම ප්‍රවර්ධනය කිරීම අරමුණ බවත් පැවසූ ජනාධිපතිවරයා එහිදී විශ්වවිද්‍යාල පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි AI තාක්ෂණය හෙවත් කෘත්‍රීම බුද්ධිය මෙරටට හඳුන්වාදීම පිළිබඳව විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් සමඟ  ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට නම් අප ආනයන මත යැපෙන ආර්ථිකයක සිට අපනයන ආර්ථිකයක් කරා කඩිනමින් පරිවර්තනය විය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *