මේ වසර අවසන් වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 7.3ක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“විනිවිදභාවයෙන් විධිමත්ව ලංකාවට වාහන ගෙන්වා ගැනීමට ඉඩ සැලසීම මේ සංශෝධන වලින් සිදු කෙරෙනවා.
අප වාහන ගෙන්වීම නතර කර තිබූ සමයේ ලෝකයේ වාහන තාක්ෂණය වෙනස් වී තිබුණා.ජපානයෙන් වාහන ගෙන්වීමේදී දී තිබුන පැරණි ක්‍රමවේද වෙනස් වීමේ අවශ්‍යතාවය තදින් දැනුනා.ලිපි ලේඛන හුවමාරු ක්‍රමය පවා ප්‍රශ්නකාරී වුණා. ඒ කටයුතු සිදු වුණේ ඉතා හෙමින්. ඒ වෙනස සිදු කිරීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කර නව තාක්ෂණය හරහා නව හුවමාරු කරගන්න පියවරක් තබා තිබෙනවා.
ඉදිරියටත් අපේ ආණ්ඩුව වාහන ගෙන්වීම නතර කරන්නේ නෑ. ආර්ථිකය ප්‍රසාරණය වන තරමට සංචිත වැඩිවන තරමට වාහන ගෙන්වීම වැඩි කරන්නට අප රජය කටයුතු කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.