වසන්ත දුක්ගන්නාරාළ නව තනතුරේ වැඩ භාර ගනී

ශ්‍රී ලංකා භූමියෙන් සියයට 40 ක පමණ වපසරියකින් වැසී ඇති මහවැලි ව්‍යාපෘතිය ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් ජනගත කිරීමටත්, ඊට නිසි වටිනාකමක් ලබාදීමටත් තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නව මාධ්‍ය ප්‍රධානී වසන්ත දුක්ගන්නාරාළ පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ නව තනතුර සම්බන්ධයෙන්  අදහස් දක්වමිනි.

මාධ්‍යවේදියෙකු, ගීත රචකයෙකු, ගත් කතුවරයෙකු සහ රංගධරයෙකු ආදී ක්ෂේත්‍ර ගණනාවක දශක 02 කටත් වඩා වැඩි අත්දැකීම් සපිරි වසන්ත දුක්ගන්නාරාළ, ඊයේ නව තනතුරේ වැඩ භාර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *