වරාය-ගුවන්තොටුපොළ බදු නියෝග පාර්ලිමේන්තුවට

වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

“ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම” යටතේ වන තීරු බදු ලිහිල්කරණ වැඩසටහනෙහි සංයෝජිත වර්ගීකරණ සංකේතාංකයන්ට අදාළ වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද ඉවත් කිරීම සඳහා 2023-05-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, 2011 අංක 18 දරන වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනතේ විධිවිධාන පරිදි සාදන ලද නියෝගය, අංක 2377/39 දරන 2024-03-28 දිනැති අති විශෙෂ ගැසට්‌ නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එකී නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *