ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බහලුම් පර්යන්ත පසුගිය වසර තුළ බහලුම් මිලියන 2.4කට අධික සංඛ්‍යාවක් මෙහෙයවමින් 2023 වසරට සාපේක්‍ෂව සියයට 23 ක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව එම අධිකාරිය පැවසීය.
එම අධිකාරියට අයත් පර්යන්ත 2023 වසරේ බහලුම් මිලියන 1.9 ක් මෙහෙයවා තිබූ බව ද සඳහන් කරයි.
කොළඹ වරායේ සමස්ත පර්යන්ත 2024 වසරේ බහලුම් මිලියන 7.7 ක් මෙහෙයවමින් උපරිම ධාරිතාවට ළගාවූ බව කියන වරාය අධිකාරිය එය 2023 වසරේ මෙහෙයවූ බහලුම් 6.9 ට සාපේක්‍ෂව සියයට 12.3 ක වර්ධනයක් බව ද සඳහන් කරයි.
කොළඹ වරායේ ජාත්‍යන්තර බහලු පර්යන්ත පසුගිය වසරේ අඩි 20 සම ඒකක බහලුම් මිලියන 3.3ක් සහ දකුණු ආසියානු ගේට්වේ පර්යන්තය අඩි 20 සම ඒකක බහලුම් මිලියන 2 ක් මෙහෙයවා ඇති බව ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.