වර්ජනය කෙරූ දුම්රිය ස්ථානාධිපතිවරු පන්නයි

ප්‍රවාහන මහා මාර්ග සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ගැසට් කර තිබියදී  වෘත්තීය සමීති ත්‍රස්තවාදීන් විසින් රටේ පොදු නීතිය අභියෝගයට ලක් කර තිබෙනවා.

එනිසා ඔවුන් රටේ නීතියට අවනත නොවීම කරුණු කොට ගෙන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකා ලිපි නිකුත් කිරීමට කටයුතු කළ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය

ඒ අනුව රටේ විධායක ජනාධිපතිවරයාගේ නියෝග අභියෝගයට ලක් කරමින් වර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් දහසකට වැඩි එම දුම්රිය ස්ථානාධිපතිවරුන්ට ලිපි නිකුත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකරවරයා කටයුතු කර තිබෙන බවද ඇමතිවරයා පැවසීය

වෘත්තීය ඉල්ලීම් යැයි සලකා රටේ ජනතාවට බලහත්කාරය පෑමට කිසිදු වෘත්තීය සමීතියකට ඉඩ නොමැති බවත් යුද හමුදාව සහ ආරක්ෂක අංශ යොදවා දුම්රිය සේවාවන් හැකි අයුරින් ලබාදීමට උපරිමය උත්සාහය ගන්නා බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *