වතු කම්කරු වැටුප වැඩි කළ ගැසට්ටුව ආපසු හරවයි

තේ සහ රබර් වතුකම්කරුවන්ගේ දෛනික අවම වැටුප 1,700ක් බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ.

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප 1,700ක්  දක්වා ඉහළ නැංවීම පිළිබද සඳහන් කරමින් ගැසට් නිවේදනයක් පසුගියදා නිකුත් කෙරිණ. එම ගැසට් නිවේදනය කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර අැත.

ඒ අනුව රු 1,700ක වතු කම්කරු දෛනික වැටුප් වැඩිවීම පඩිපාලක සභාව හරහා ගෙවීමට උපදෙස් ලබාදී ඇතැයි කම්කරු අමාත්‍යාංශය නිවේදනය කළේය. එ​සේ නමුත් අද දිනයේදී එම ගැසට් නිවේදනය අවලංගු කළ බව රජය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *